ඉන්දීය පූජකතුමාගේ පුවත, පැරණි පුවතක් – විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාසානන්ද ගිරි ජී පූජකතුමාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත 2026 පෙබරවාරි 23 වැනිදා සිදු වූ සංචාරයකට අදාළ පැරණි පුවතක් බව විදේශ අමාත්‍යංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනයකට අනුව පසුගිය පෙබරවාරි 23 දින මෙරටට පැමිණි පූජකතුමා ඇතුලු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ වැදගත් ශිව දේවාල කිහිපයක් ඇතුලු ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹීමට එක්ව තිබුණු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එබැවින්, මෙම පුවත වර්තමානයේ සිදුවන සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්‍ය බව අවධාරණය කරන අතර, පුවතේ දිනය සහ අදාළ පසුබිම සැළකිල්ලට ගන්නා ලෙස මහජනතාවගෙන් එම අමාත්‍යංශය ඉල්ලීමක් කර සිටිනවා.