‘ගනේමුල්ල සංජීවගේ’ ගෝලයින් දෙදෙනෙකු ගම්පහ දී STF දැලේ පැටලෙයි

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධානම ගෝලයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගේ තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ලද තොරතුරකට අනුව ඊයේ (06) ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එහිදී අත්අඩංගුවට ගත් කරුණානයක පතිරනලාගේ සුමිත් ප්‍රසන්න නැමැති වයස අවුරුදු 36ක පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑමි 14 යි මිලි ග්‍රෑමි 600 ක්, මුදලින් රුපියල් එක්ලක්ෂ විසි දහසක්, කඩුවක්, රන් පැහැති අත්පලඳනාවක්, ජංගම දුරකථන 02 ක් සොයාගෙන තිබෙනවා.

ඒකනායකගේ දොන් ලක්ෂිත චතුරංග නැමැති අනෙක් සැකකරු සන්තකයේ තිබී වෙනත් අයෙකුගේ ජාතික හැඳුනුම්පතක්, ජංගම දුරකථන පහක්, හෙරෝයින් ග්‍රෑමි 15යි මිලිග්‍රැමි 255ක් සොයා ගත බවයි විශේෂ කාර්ය බලකාය වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම සැකකරු අදාල දුරකථන භාවිත කරමින් ⁣අපරාධ සිදුකරන වෙඩික්කරුවන් සදහා එම දුරකථන ලබා දී අවශ්‍ය මඟ පෙන්වීමි සිදුකරනු ලබන බවට මුලික පරීක්ෂණ වලදී ආනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18