ඊයේ (27) දිනය වන විට ඉන්ධන පිරවුම්හල් හාරසියඅසූඑකක ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සිපෙට්කෝ පිරවුම්හල් හාරසියනවයක සහ අයිඕසී පිරවුම්හල් 72ක ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීම මේ වන විට සිදුකෙරේ.
ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා රථ වාහන 4,296,950ක් ලියාපදිංචි වී ඇති අතර අගොස්තු මස පළමු වැනි සිට ඉන්ධන අවසර පත්‍රය දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල්වල අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
31














