උද්ඝෝෂණ භූමිය වෙනත් තැනකට රැගෙන යාමට ප්‍රසන්නගෙන් යෝජනාවක්

කොළඹ ගාලු මුවදොර පිහිටි විරෝධතා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනා කර තිබේ.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ විරෝධතා පැවැත්වෙන ස්ථානය විපක්ෂ නායක කාර්යාලය අසල පිහිටි විහාරමහා දේවී උද්‍යානයට ගෙන යා හැකි බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති උද්ඝෝෂණ ස්ථානය සුදුසු ස්ථානයක් නොවන බව නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස තමන් විශ්වාස කරන බවද රණතුංග මහතා පැවසීය.

ගාලුමුවදොර පිටිය විදේශීය සංචාරකයන්ගේ මෙන්ම දේශීය සංචාරකයන්ගේද ආකර්ෂණයට ලක්වන ස්ථානයක් බැවින් ගාලුමුවදොර විරෝධතා ස්ථානය වහා ඉවත් කිරීම අත්‍යාවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?