වැඩ බලන ජනපතිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රි ලංකා නීතිඥ සංගමය වැඩ බලන ජනපතිගෙන් ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වය වහා ඉවත් කරගන්නා ලෙසයි. ශ්‍රි ලංකාවේ නව අනුප්‍රාප්තික ජනාධිපති වරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළ හදිසි නීතිය භාවිතා කරමින් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නීත්‍යානුකූල අයිතියට බලපෑම් නොකරන ලෙස ශ්‍රී ලංකා සංගමය පෙන්වා දෙනවා.

BARLetter1
BARLetter2