19 වන ව්‍යවස්ථා සංශෝධනය නොමැතිව හදන කොමිටිවලට බලයක් නොමැති බවත් ඒවා යාලු මිත්‍රකම් වලට හදන කොමිටි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී අද (06) කියා සිටියා.
ආංශික අධීක්ෂණ කාරක සභා පත් කිරීමේ වැදගත්කම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහා කළ කතාවට පිළිතුරු වශයෙනුයි ඔහු මේ බව කියා සිටියේ.
ආංශික අධීක්ෂණ කාරක සභා වැදගත් නමුත් ඒවා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුල ඒවා ඵල රහිත බවට පත්ව තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.
තවද මන්ත්‍රීවරයා ප්‍රශ්න කරමින් විමසුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය ආයතන සියල්ල ජනාධිපතිවරයා යටතට පත් කොට තිබෙන පසුබිමක රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදවා ගන්නට කොමිටි පත් කරමින් හැකි බව අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ කුමන පදනමකින්ද යන්නයි.
“අපි රැස් වෙළා තීරණ ගත්තත් ජනාධිපතිවරයාට ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන් , ඒ නිසා ඉස්සල්ලා ම ඔබතුමා ගෙනා 19 ගේන්න. දැන් තියෙන 22වැනි ව්‍යවස්ථා සංශෝධනයවත් 19 ව්‍යවස්ථා සංශෝධනයවත් නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.
මුලින් ම අගමැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් රැස් වූ රැස් වීමේ දී ඉදිරිපත් කළ කෙටුම්පත 19 වැනි සංශෝධනයට සාමාන එකක් බවත්, පසුව එය වෙනස් කර ඇති බවත්, නමුත් විජයදාස රාජපක්ෂ විසින් ගෙනත් තිබෙන මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව වෙන්ත් එකක් බවත්, එමගින් ජනාධිපතිවරයා සතු බලතල 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඉක්මවා යන බව ඔහු කියා සිටියා.තවදුරටත් ඔහු ප්‍රකාශ කරමින් පැවසුවේ ව්‍යවස්ථාවට ඩොනමෝර් ක්‍රමය ගෙනැවිත් කොමිටි ස්ථාපනය කිරීමට කටයුතු කරනවානම් එයට තම පාර්ශවයද එකඟ වන බවයි.




