හෙරොයින් සහ මුදල් සමග කතක් දැලේ

හෙරොයින් ග්‍රෑම් 20ක් හා මුදල් තොගයක් සමග අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි නිපුනගේ” අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.බොරලස්ගමුව, පැපිලියාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව ලඟ තිබී රුපියල් ලක්ෂ හතරක් වටිනා හෙරොයින් තොගයක් සහ රුපියල් 2,150,000ක මුදලක් පොලීසිය භාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ මෙහෙයුම සිදුකර ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33හැවිරිදි රූමත් කාන්තාවක් වන අතර සැකකාරිය මත්කුඩු තොගය සහ මුදල් තොගය සමග වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

https://youtu.be/k70poCe2YDQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?