සතොසෙන් මතු වූණ මත්පැන් තොගය

නීතිවිරෝධීව ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා මත්පැන් තොගයක් කැකිරාව සතොසෙන් හමු වී තිබෙනවා.

මේවා සඟවාගෙන තබා පොසොන් සමයේ වැඩි මිලට අලෙවි කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි.

සතොසෙ සේවකයෙකු විසින් මෙම මත්පැන් තොගය ගෙනැවිත්, වෙනම කාමරයක ගබඩා කර තිබී ඇති අතර, එය අනුරාධපුර තැබෑරුම් හල් මේ වනවිටත් වසා දැමීම හේතුවෙන් වැඩි මිලට අලෙවි කිරීමටයි ගෙන ඇත්තේ.මෙම මත්පැන් තොගය පැරණි මිලට බිල් යොදා එම ආයතනයේ ඇති මත්පැන් අලෙවි සැලෙන් ඉවත් කර ඇති බවයි සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.සතොසෙන් සොයාගත් මත්පැන් බෝතල් 93 පොලිස් භාරයට ගෙන ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?