AFC Banner
Empty Ad
Empty Ad

ලයිසන් එක අලුත් කරගන්න සංගාත් පොලිමේ (ඡායාරූප)

මේ දිනවල දිවයිනේ සෑම තැනකම වාගේ දැක ගන්න පුළුවන් දෙයක් තමයි පෝලිම් කියන දේ,

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් ඒ වගේම බැංකුවක රාජකාරියක් කර ගන්න ගියත්, රාජ්‍ය ආයතනයකින් කුමක් හෝ රාජකාරියක් කරගන්න ගියත් මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙන්නේ පොල්ම්වල ඉන්න.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ද එවැනිම පෝලිමකට වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරනවා.

තැන කොතනද කියන්න නම් හරියටම දන්නේ නැහැ, හැබැයි සංගක්කාර තමන්ගේ වලංගු රියදුරු බලපත්‍රය අලුත් කරගන්න මෙහෙම පෝලිමේ සිටියා කියලා තමයි සමාජ මාධ්‍යයේ තොරතුරු වාර්තා වුණේ.

අදාල ආයතනයේ සිටි නිලධාරීන් සංගක්කාර පෝලිමේ සිටින බව දැනගෙන ඇවිත් කතා කරලා තියනවා එන්න මහත්තයෝ යමු වැඩේ කරලා දෙන්නම් පෝලිමේ ඉන්න ඕන නැහැ කියලා.

හැබැයි සංගා එම ඇරයුම් සියල්ල සිනහා මුසු මුහුණින් යුතුව ප්‍රතික්ෂේප කරලා කියලා තියෙන්නේ කමක් නෑ තව ටික දෙනයිනේ මමත් පෝලිමේ ම එන්නම් කියලා.

කොහොම වුනත් කුමාර් සංගක්කාරගේ එම ක්‍රියාව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ අගය කරලා තියනවා දැකගන්න පුළුවන් වුණා.

WhatsApp Image 2022 06 03 at 12.59.49 PM
WhatsApp Image 2022 06 03 at 12.59.48 PM
44
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
115
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?