කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට කොරෝනා ආසාදනය වෙයි

කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අධ්‍යයන කටයුත්තක් සඳහා ක්‍ෂේත්‍ර පරීක්ෂාවකට යාමට පෙර සිසු සිසුවියන් දස දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදි මොවුන් ආසාදිත බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමි සඳහන් කළේ අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ බැවින් සිසුන්ට පෞද්ගලිකව එම පරීක්ෂණ කරගැනීමට සිදුවූ බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කැළණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනටමත් නේවාසිකාගාර තුනක නිරෝධායනයට ලක්වන සිසු සිසුවියන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. 

එමෙන්ම ඔවුන්ගේ විභාග කටයුතු ද අදාළ නේවාසිකාගාර තුළ සිටම සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බවද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

මේ අතර මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා මරණවලින් සියයට 70 ක්ම  වයස අවුරුදු 60 ඉක්මවූවන් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා. ඒ වයස අවුරුදු 60 ට වැඩි ආසාදිතයන් සියයට 10 ක් තරම් අඩු ප්‍රතිශතයක් වාර්තාවන පසුබිමක් තුළයි.

මේ අතර පරමාණුක බල ශක්ති මණ්ඩලයේ විද්‍යාත්මක අංශයෙන් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම අංශය තාවකාලිකව වසා දමා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?