19 වැනිදා සිට දිස්ත්‍රික්ක කාර්යාල 05ක් මඟින් නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ අවස්ථාව

යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් තුළ ලබන 19 වැනිදා සිට නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා .

දැනට පවතින ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය අනුව යතුරුපැදියක් ලියාපදිංචි කිරීම සඳහා කොළඹ නාරාහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට පැමිණිය යුතු වනවා.

මීට පෙරද මෙම දිස්ත්‍රික්කවල ලියාපදිංචිය සිදු කළද කොරෝනා වසංගතයෙන් පසු එය නවතා දමා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්