කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට කොරෝනා ආසාදනය වෙයි

කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අධ්‍යයන කටයුත්තක් සඳහා ක්‍ෂේත්‍ර පරීක්ෂාවකට යාමට පෙර සිසු සිසුවියන් දස දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදි මොවුන් ආසාදිත බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමි සඳහන් කළේ අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ බැවින් සිසුන්ට පෞද්ගලිකව එම පරීක්ෂණ කරගැනීමට සිදුවූ බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කැළණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනටමත් නේවාසිකාගාර තුනක නිරෝධායනයට ලක්වන සිසු සිසුවියන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. 

එමෙන්ම ඔවුන්ගේ විභාග කටයුතු ද අදාළ නේවාසිකාගාර තුළ සිටම සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බවද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

මේ අතර මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා මරණවලින් සියයට 70 ක්ම  වයස අවුරුදු 60 ඉක්මවූවන් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා. ඒ වයස අවුරුදු 60 ට වැඩි ආසාදිතයන් සියයට 10 ක් තරම් අඩු ප්‍රතිශතයක් වාර්තාවන පසුබිමක් තුළයි.

මේ අතර පරමාණුක බල ශක්ති මණ්ඩලයේ විද්‍යාත්මක අංශයෙන් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම අංශය තාවකාලිකව වසා දමා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09