යාපනයට ඉන්දියාවෙන් භූමිතෙල් බෙදා දෙයි

යාපනයේ ධීවරයන්ට බෙදා දීමට ඉන්දියාවෙන් භූමිතෙල් ලීටර් 15000ක ප්‍රමාණයක් ලබා දීමට තීරණය කොට තිබේ. ඒ යාපනයේ එක්සත් ධීවර සංගමය විසින් ඉන්දියාවේ තමිල්නාඩුවෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්. තමිල්නාඩුවේ දේශපාලනඥයන්ගේ අරමුදල් වලින් හා රාමේස්වරන් ධීවර සමීති වල අනුග්‍රහයෙන් මෙම භූමිතෙල් ප්‍රමාණය ලබා දීමට තීරණය කොට තිබේ.

උග්‍ර භූමිතෙල් හිගය නිසා පීඩාවට පත්ව සිටින යාපනයේ ධීවරයන්ට ඉන්දියාවෙන් ලැබෙන මෙම භූමිතෙල් ලීටර් 15000 ක් ප්‍රමාණය ජූනි මස මුල් සතියේදී ලබා දීමට නියමිතව ඇති අතර එම ඉන්ධන ලබා දෙන්නේ යාපනය දිසාපතිවරයා හරහා බවද තමිල්නාඩුව ප්‍රකාශ කොට තිබේ. එම භූමිතෙල් තොගය යාපනයේ ධීවර බෝට්ටු 706ක් සදහා විවිධ ප්‍රමාණ වලින් ලබා දීමට සැලසුම් කොට ඇති අතර එම වැඩ පිළිවෙළ අධීක්ෂණය කරණු ලබන්නේ යාපනය දිසාපතිවරයාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?