හැමතැනින්ම තෙල් ගහන අයට වැඩ වරදින ලකුණු – අලුත් App එකක්

ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් වෙත පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීමට සහ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් සමග එම දත්ත එසැණින් හුවමාරු කර ගැනීමට හැකියාව ඇති ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් මේ වන විට දිවයිනේ ස්ථාන කිහිපයකදී අත්හදා බලමින් සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

මෙම යෙදවුම ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරනු ලැබූවක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ වාහනයේ අංක තහඩුව අදාළ යෙදුමට ඇතුළත් කිරීම මෙහිදී සිදුවනවා.ඇතුළත් කළ දත්ත අනෙකුත් යෙදුම් භාවිත කරන පිරවුම්හල් සමග සමග එසැණින් හුවමාරු කරනු ඇති.

වාහනයේ අංක තහඩුව ඇතුළත් කළ පසු, එම වාහනය එකම දිනක වෙනත් ස්ථානයකින් ඉන්ධන ලබා ගැනීමක් සිදුකර ඇත්ද යන්න සහ වාහනයට ඉන්ධන ලබාගත් පෙර තොරතුරු ආදිය පිරවුම්හල් වෙත දැන ගත හැකි වන බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

Screenshot 2022 05 26 181917
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?