2019 දී බඳවා ගත් සියලු උපාධිධාරීන් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කෙරේ

අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස පසුගිය රජය 2019දී බඳවා ගත් සියලු ම උපාධිධාරීන් මෙම මස අවසන් වීමට පෙර රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කෙරේ. 

රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එම පත්වීම් ලිපි කඩිනමින් පිළියෙල කෙරෙමින් පවතින බව, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ජනවාරි පළමුවන දා පත්වීම් දිනය ලෙස වන සේ මෙම පත්වීම් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් කරන ඇමැති තෙන්නකෝන්, අවස්ථාවාදී දේශපාලන කල්ලිවල බොරුවලට හසු නොවන ලෙසද කියා සිටී.

පවතින කොවිඩ්-19 වසංගතය නොවන්නට මෙම අන්තර්ග්‍රහණය කිරීමේ කටයුතු අවසන් කිරීමට තම අමාත්‍යාංශයට හැකියාව තිබුණු බව පෙන්වා දෙන ඇමැතිවරයා සිදුවී ඇති ප්‍රමාදය අභ්‍යාසලාභීන්ට බලනොපාන පරිදි කටයුතු කරන බවද පවසයි. 

ඉකුත් ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙම පත්වීම් ලබාදීමට සියල්ල සූදානම් කර තිබුණ ද අමාත්‍යාංශයේ නිලධාරීන් ගණනාවකට කොරෝනාවෛරසය වැළඳීම නිසා ඇතැම් අංශ තාවකාලිකව වසා දැමීමට සිදුවීම මෙම පත්වීම් ලබාදීම ප්‍රමාද වීමට හේතු වූ බව ඇමතිවරයා සඳහන් කරයි.

කෙසේ වුව ද එළැඹෙන 8 වන දා සිට අදාළ අංශ යළි යථාවත් කිරීමත් සමග මෙම උපාධිධාරීන් ස්ථානගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට තමන් විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 

රජය උපාධිධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන මෙම මිත්‍රශීලී පියවරයන් ඇතැම් අවස්ථාවලදී දේශපාලන කණ්ඩායම් තමන්ගේ වීරකම් ලෙස හුවාදැක්වීමට උත්සාහ කිරීම හාස්‍ය දනවන්නක් බවත් මේ රජය ජනතාවාදී රජයක් බවත් පෙන්වා දෙන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය සේවයේ උන්නතිය සම්බන්ධයෙන් ඇත්තේත් එම දැක්මම යැයි සඳහන් කරයි.

උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම අදහස් පළ කළ ඇමැතිවරයා වර්තමානයේ රට මුහුණ දී ඇති අභියෝගාත්මක තත්ත්වය තුළදී වුවද අඛණ්ඩව රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවූ සමස්ත රාජ්‍ය සේවයට තම කෘතවේදීත්වය පිරිනමන බව ද පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?