පුද්ගල ආරවුලක් මත ඝාතනයකට සැරසුණු අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට ලැබුණු තොරතුරකට අනුව තංගල්ල පොලිස් කොට්ඨාශ අපරාධ අංශයේ නිළධාරීන් කුඩාවැල්ල ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා කළ පරීක්ෂාවකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පුද්ගල ඝාතනයකට සූදානම්ව පැමිණි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

T 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ යෙදිය හැකි ලෙස මෙරටදී නිෂ්පාදනය කළ ගිනි අවියක් මෙම සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළා.

ලැබී තිබූ තොරතුරට අනුව යතුරුපැදියේ ගමන්ගත් මොහු සම්බන්ධයෙන් කළ පරීක්ෂා කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම යතුරුපැදිය දෙයියන්දර ප්‍රදේශයේදී සොරකම් කරන ලද එකක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු කුඩාවැල්ල ප්‍රදේශයේ වෙනාත් පිරිසක් සමඟ ඇති වූ ආරවුලක් මත පුද්ගලයක්ව ඝාතනයට පැමිණ ඇති බවට පොලීසිය සැකකරනවා.

සැකකරු කටුවන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු මීට ඉහතදී යුධ හමුදා සේවයේ යෙදී සිට ඇති පුද්ගලයෙක් බවට ද අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22