2019 දී බඳවා ගත් සියලු උපාධිධාරීන් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කෙරේ

අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස පසුගිය රජය 2019දී බඳවා ගත් සියලු ම උපාධිධාරීන් මෙම මස අවසන් වීමට පෙර රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කෙරේ. 

රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එම පත්වීම් ලිපි කඩිනමින් පිළියෙල කෙරෙමින් පවතින බව, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ජනවාරි පළමුවන දා පත්වීම් දිනය ලෙස වන සේ මෙම පත්වීම් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් කරන ඇමැති තෙන්නකෝන්, අවස්ථාවාදී දේශපාලන කල්ලිවල බොරුවලට හසු නොවන ලෙසද කියා සිටී.

පවතින කොවිඩ්-19 වසංගතය නොවන්නට මෙම අන්තර්ග්‍රහණය කිරීමේ කටයුතු අවසන් කිරීමට තම අමාත්‍යාංශයට හැකියාව තිබුණු බව පෙන්වා දෙන ඇමැතිවරයා සිදුවී ඇති ප්‍රමාදය අභ්‍යාසලාභීන්ට බලනොපාන පරිදි කටයුතු කරන බවද පවසයි. 

ඉකුත් ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙම පත්වීම් ලබාදීමට සියල්ල සූදානම් කර තිබුණ ද අමාත්‍යාංශයේ නිලධාරීන් ගණනාවකට කොරෝනාවෛරසය වැළඳීම නිසා ඇතැම් අංශ තාවකාලිකව වසා දැමීමට සිදුවීම මෙම පත්වීම් ලබාදීම ප්‍රමාද වීමට හේතු වූ බව ඇමතිවරයා සඳහන් කරයි.

කෙසේ වුව ද එළැඹෙන 8 වන දා සිට අදාළ අංශ යළි යථාවත් කිරීමත් සමග මෙම උපාධිධාරීන් ස්ථානගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට තමන් විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 

රජය උපාධිධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන මෙම මිත්‍රශීලී පියවරයන් ඇතැම් අවස්ථාවලදී දේශපාලන කණ්ඩායම් තමන්ගේ වීරකම් ලෙස හුවාදැක්වීමට උත්සාහ කිරීම හාස්‍ය දනවන්නක් බවත් මේ රජය ජනතාවාදී රජයක් බවත් පෙන්වා දෙන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය සේවයේ උන්නතිය සම්බන්ධයෙන් ඇත්තේත් එම දැක්මම යැයි සඳහන් කරයි.

උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම අදහස් පළ කළ ඇමැතිවරයා වර්තමානයේ රට මුහුණ දී ඇති අභියෝගාත්මක තත්ත්වය තුළදී වුවද අඛණ්ඩව රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවූ සමස්ත රාජ්‍ය සේවයට තම කෘතවේදීත්වය පිරිනමන බව ද පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09