පොලිස්පතිත් දේශබන්දුට බයයිද ? උපදෙස් පිළිනොපැද්දත් පොලිස්පති තවමත් නිහඬයි

පසුගිය 09 වනදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය දා (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දුන්නා.

එහිදී පොලිස්පතිවරයා පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන් බවයි වාර්තා වුණේ.

ඉකුත් 09 වනදා යම් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වුවහොත් එය වළක්වා ගන්නා ලෙසට එදින උදෑසන සහ ඊට පෙර දිනයේදීත් තමන් විසින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් ලබාදුන් බවයි පොලිස්පතිවරයා ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කර ඇත්තේ.

එහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරඇත්තේ තමන් විසින් ලබාදුන් කිසිඳු උපදෙසක් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිපැද නොමැති බවයි.

තමන් කිසිඳු අවස්ථාවක ප්‍රචණ්ඩත්වය පාලනයට පියවර නොගන්නා ලෙස තමන් කිසිම අවස්ථාවක උපදෙස් නොදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන සහ පොලිස් නියෝගවලට අනුව මෙවැනි ගැටුම්කාරී තත්ත්වයකදී එය පාලනයට පියවර ගත යුත්තේ එම ස්ථානයේ සිටින ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියා බවයි ඔහු සිහිපත් කර ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මහජන පීඩාවක් හෝ කැළඹීමක් ඇතිවන අවස්ථාවක එය පාලනය කිරීමට පියවර ගත යුත්තේ පොලිස්පතිවරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයා නොව එම ස්ථානයේ සිටින ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියා බවයි.

ඒ අනුව පසුගිය 09 වනදා සිදුවීම සිදුවූ දිනයේ එම ස්ථානයේ සිටි ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියා වූ දේශබන්දු තෙන්නකෝන් මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළ සිය වගකීම් පැහැර ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?