පොලිස්පතිත් දේශබන්දුට බයයිද ? උපදෙස් පිළිනොපැද්දත් පොලිස්පති තවමත් නිහඬයි

පසුගිය 09 වනදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය දා (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දුන්නා.

එහිදී පොලිස්පතිවරයා පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන් බවයි වාර්තා වුණේ.

ඉකුත් 09 වනදා යම් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වුවහොත් එය වළක්වා ගන්නා ලෙසට එදින උදෑසන සහ ඊට පෙර දිනයේදීත් තමන් විසින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් ලබාදුන් බවයි පොලිස්පතිවරයා ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කර ඇත්තේ.

එහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරඇත්තේ තමන් විසින් ලබාදුන් කිසිඳු උපදෙසක් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිපැද නොමැති බවයි.

තමන් කිසිඳු අවස්ථාවක ප්‍රචණ්ඩත්වය පාලනයට පියවර නොගන්නා ලෙස තමන් කිසිම අවස්ථාවක උපදෙස් නොදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන සහ පොලිස් නියෝගවලට අනුව මෙවැනි ගැටුම්කාරී තත්ත්වයකදී එය පාලනයට පියවර ගත යුත්තේ එම ස්ථානයේ සිටින ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියා බවයි ඔහු සිහිපත් කර ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මහජන පීඩාවක් හෝ කැළඹීමක් ඇතිවන අවස්ථාවක එය පාලනය කිරීමට පියවර ගත යුත්තේ පොලිස්පතිවරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයා නොව එම ස්ථානයේ සිටින ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියා බවයි.

ඒ අනුව පසුගිය 09 වනදා සිදුවීම සිදුවූ දිනයේ එම ස්ථානයේ සිටි ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියා වූ දේශබන්දු තෙන්නකෝන් මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළ සිය වගකීම් පැහැර ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12