ආණ්ඩුවේ මන්ත්‍රීවරු ගිනි අවි ඉල්ලයි

පොලිසියට සිය ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් තමන්ට ගිනි අවි ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් පෙරේදා (14) ඉල්ලා සිටියහ.මැයි 9 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබු අතර මන්ත්‍රිවරු අනූවක් පමණ ඊට සහභාගි වූවත් අගමැති මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊට එක්ව සිටියේ නැහැ.

මෙම රැස්වීම ආරම්භයේදීම මන්ත්‍රිවරුන් ඔවුන්ගේ දුක්ගැනවිල් කියන්නට පටන්ගත් අතර සිය නිවාසවලට සිදුවූ අලාභහානි ගැන අදහස් පළ කළහ.මන්ත්‍රිවරුන් සෘජුව චෝදනා කර ඇත්​තේ පොලිස්පතිවරයාටය. ඇතැම් මන්ත්‍රිවරු පොලිස්පතිවරයාට අසභ්‍ය වචනයෙන් පවා බැණ වැදී තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදී හෙට (17) පාර්ලිමේන්තුවේදී බහුතර බලය පෙන්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් එහිදී පැවැසුවේය.මෙම සාකච්ඡාවට දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර මන්ත්‍රිවරුද ඊට එක්වූයේ විවිධ ආරක්ෂක උපක්‍රම භාවිත කරමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක් දරන මන්ත්‍රිවරයකු ‘මරුටි වර්ගයේ’ කාර් රථයකින් රැස්වීමට සහභාගි වූයේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?