ආණ්ඩුවේ මන්ත්‍රීවරු ගිනි අවි ඉල්ලයි

පොලිසියට සිය ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් තමන්ට ගිනි අවි ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් පෙරේදා (14) ඉල්ලා සිටියහ.මැයි 9 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබු අතර මන්ත්‍රිවරු අනූවක් පමණ ඊට සහභාගි වූවත් අගමැති මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊට එක්ව සිටියේ නැහැ.

මෙම රැස්වීම ආරම්භයේදීම මන්ත්‍රිවරුන් ඔවුන්ගේ දුක්ගැනවිල් කියන්නට පටන්ගත් අතර සිය නිවාසවලට සිදුවූ අලාභහානි ගැන අදහස් පළ කළහ.මන්ත්‍රිවරුන් සෘජුව චෝදනා කර ඇත්​තේ පොලිස්පතිවරයාටය. ඇතැම් මන්ත්‍රිවරු පොලිස්පතිවරයාට අසභ්‍ය වචනයෙන් පවා බැණ වැදී තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදී හෙට (17) පාර්ලිමේන්තුවේදී බහුතර බලය පෙන්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් එහිදී පැවැසුවේය.මෙම සාකච්ඡාවට දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර මන්ත්‍රිවරුද ඊට එක්වූයේ විවිධ ආරක්ෂක උපක්‍රම භාවිත කරමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක් දරන මන්ත්‍රිවරයකු ‘මරුටි වර්ගයේ’ කාර් රථයකින් රැස්වීමට සහභාගි වූයේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56