රෝද පුටුවක සිටි වයෝවෘධ ආබාධිත අයෙක් යතුරුපැදියක ගැටී ජීවිතක්ෂයට

පන්නල පොලිස් වසමේ පන්නල-කුලියාපිටිය මාර්ගයේ යක්විල ප්‍රදේශයේදී යක්විල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ රෝද පුටුවකින් ගමන් කරමින් සිටි ආබාධිත පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් ආබාධිත පුද්ගලයා බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරු අවුරුදු 90 ක් වූ යක්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අවුරුදු 42 ක් වන යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.