දිවයිනේ ප්රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටීම හේතුවෙන් බලපෑමට ලක්වූ ප්රදේශවල විදුලිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් පවතින බව බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් දසත නිවුස් කළ විමසීමක දී සඳහන් කළා.
අද (17) පෙරවරු 11.45ට පමණ මෙම හදිසි විදුලිය බිඳවැටීම සිදුව තිබෙනවා.
සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්දි වීමක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.










