විමල්, ගම්මන්පිල සහ වාසුගෙන් රනිල්ට සුබවාදී පිලිතුරු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථික සුබසිද්ධිය වෙනුවෙන් ගන්නා ඕනෑම නිවැරදි ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 සාමාජිකයින් අතර ඊයේ (15) පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 අතර සාකච්ඡාවක් අද (16) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.