අරගල භුමියටත් වෙසක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයට එරෙහි කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද (15 වැනිදා) 37 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි.

අද අරගල භූමිය තුළ බෞද්ධ කොඩි හා වෙසක් සැරසිලිවලින් සරසා තිබෙනු දැකගත හැකිවිය. ඒ වෙසක් පොහෝ දිනය නිමිත්තෙන්.

මෙම අරගලය ආරම්භ වුයේ පසුගිය අප්‍රේල් 09 වැනිදායි.