ගෝල්ෆේස් සාමකාමි අරගලයට එල්ලවූ ප්‍රහාරයත් සමග 9 වෙනි දින දිවයින පුරා ප්‍රචණ්ඩ කාරි සිදුවිම් දේපල ගිණි තැබිම් විනාශ කිරිම් වාර්තා වූනා එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම දේපොළ හානියක් සිදුව ඇත්තේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව පොලිස් මූලස්ථානය අනාවරණය කළා.
හිටපු ඇමැතිවරයාට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන දහනවයකට හානි සිදුව ඇති බව පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක සඳහන් වෙයි. කුරුණෑගල රත්තරව්වේ පිහිටි නිවස, වැව රවුම පාරේ පිහිටි නිවස, බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි නිවස සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කර ඇත. බත්තරමුල්ල වැව පාරේ පිහිටි නිවසට පහර දීමක් සිදුකර තිබේ. කුරුණෑගල විල්ගොඩ පිහිටි දේශපාලන කටයුතු සිදු කළ කාර්යාලය, මල්කඩුවාවේ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයද ගිනි තබා විනාශ කර ඇත. ලග්ගල පිහිටි ගොවිපොළේද සතුන් එලවා දමා ගිනි තබා ඇත.
මීට අමතරව කුරුණෑගල මාවතගම, නිකවැරටිය, මදුරන්කුලිය මොරටුව යන ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවි ස්ථානවලට පහර දී ඇත. ගල්කිස්ස පිහිටි නිවසට සහ කොළඹ පිහිටි හෝටලයටද පහර දීමක් සිදු වී ඇති බව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි. හිටපු ඇමැතිවරයාට අයත් ව්‍යාපාරික ස්ථානවලින් එක් ව්‍යාපාරික ස්ථානයකට පමණක් කිසිදු හානියක් වී නොමැත.කුරුණෑගල මාවතගම, නිකවැරටිය, මදුරන්කුලිය මොරටුව යන ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවි ස්ථානවලට පහර දී ඇත. ගල්කිස්ස පිහිටි නිවසට සහ කොළඹ පිහිටි හෝටලයටද පහර දීමක් සිදු වී ඇති බව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි. හිටපු ඇමැතිවරයාට අයත් ව්‍යාපාරික ස්ථානවලින් එක් ව්‍යාපාරික ස්ථානයකට පමණක් කිසිදු හානියක් වී නොමැති බවයි වාර්තා වන්නේ




