වර්තමානය වන විට මෙරට වෙළදපොළ තුල කලු කඩ වෙලදුන් බිහිවන පසුබිමක් තුල සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. කෙසේ වෙතත් පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ වෙළදපොල තුල සමහර වෙළදුන් වැඩි මිලට සහල් අලෙවි කරන අවස්ථා දක්නට ලැබුණා.
මේවන විට පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට දඩ නියම කිරීමට පියවර ගෙන ඇති අතර තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 ක උපරිමයක් දක්වා ද, පුද්ගලික සමාගමක් යටතේ සහල් අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 5 ක උපරිමයක් දක්වා වූ දඩ මුදලක් නියම කරන බව එම අධිකාරිය පැවසුවා.
දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයකට රුපියල් 220ක්, දේශීය සුදු හා රතු සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 230 ක් සහ දේශීය කීරි සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.




