ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී පැය හතක පමණ කාලයක් දක්වා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. සොජිස්ට්ස් සහ යුගදනවි විදුලි බලාගාර හැරුණු කොට රටේ වෙනත් කිසිදු තාප විදුලි බලාගාරයකට මේ වනවිට ඉන්ධන නොමැති හේතුවෙන් මෙලෙස සිදුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

සංගමයේ සම ලේකම් ඉංජිනේරු එරංග කුඩාහේවා කියා සිටියේ,රටේ ඇඳිරිනීතිය පැවති දින කිහිපය තුළ විදුලි ඉල්ලුම ඉතාමත් අඩුවූ නිසා පැය තුනක කාලයකට විදුලි කප්පාදුව අඩු කරගැනීමට හැකියාවක් තිබුණද රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වූ විගස ඉහළ යන විදුලි ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීමට විදුලි බල මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි.වෙනත් කිසිදු විකල්පයක් නොමැති බැවින් දිවා කාලයේ පැය පහකට සහ රාත්‍රි කාලයේ පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවකට යෑමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔහු පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?