අද පොදු ප්‍රවාහන කටයුතු සිදුවන්නේ මෙහෙමයි

දිවයිනට පනවා ඇති ඇදිරි නීතිය අද පෙරවරු 06 ට ඉවත් කෙරුණා. යළිත් පස්වරු දෙකේ සිට හෙට පෙරවරු 06 දක්වා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද දිනයේ ද ඇදිරි නීතිය ඉවත් කළ කාල සීමාවේදී පොදු ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මකයි. ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ අද පස්වරු දෙක දක්වා කෙටි ගමන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි. අවශ්‍යතාවයක් මතුවුවහොත් අතිරේක බස් රථද ධාවනයට එක්කරන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.මේ අතර කාර්යාලය දුම්රිය සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේ ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?