ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්

මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කර සිටී.

  1. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා නොසලකා ප්‍රචණ්ඩකාරී මැර පිරිස අරලියගහ මන්දිරයේ සිට මුදා හැරීමට කුමන්ත්‍රණය කළ සහ එකී ප්‍රචණ්ඩත්වයට සහභාගි වූ සියලු දෙනා නීතියට අනුකූලව වහා අත්අඩංගුවට ගැනීම සහ එවැනි පුද්ගලයන්ට එරෙහිව පොලිසිය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් තහනම් පනවා ගැනීම.

2.අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී සාමකාමී විරෝධතාවන් හී නිරතවූ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම.

3.පුද්ගලයන්ට , පුද්ගලික සහ රාජ්‍ය දේපළවලට සිදු කරනු ලබන ප්‍රචණ්ඩත්වය වහා මැඩපැවැත්වීම සහ එවැනි ප්‍රචණ්ඩත්වයේ නියැලෙන්නන් විමර්ශනය කිරීම, වහා අත්අඩංගුවට ගැනීම සහ නීතියට අනුව කටයුතු කිරීම.

  1. අරලියගහ මැදුරේ සිට මුදා හරින ලද මැර ප්‍රචණ්ඩත්වය ඇතුළු මැර ප්‍රචණ්ඩ මාලාව වැළැක්වීමට සහ මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු බලධාරීන් අපොහොසත් වීම ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම.
6bc9b9ba 2fe0 4e51 a2c8 d0d33537080d
82e7cd7a 1622 4368 9857 36438d630b98
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?