හැදුනුම්පත් කාර්යාලය හෙට වැඩ නෑ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන්නේ යැයි දැනුම්දීම නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා හෙට (6) ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

එක්දින සේවා සඳහා අද දිනයේ වේලාව වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට රජයේ වැඩකරන වෙනත් ඕනෑම දිනක එක්දින සේවාව වෙත පැමිණිය හැකි බව ගුණතිලක මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?