පැය 5ක විදුලි කප්පාදුවක් ?

දැනට පවතින පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුව පැය 5ක් දක්වා දිර්ඝ කිරිමේ අවදානමක් පවතින බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා. ඒ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම සහ ජල විදුලි අර්බුදය හේතුවෙන්.

මේ බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර කියා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේ පවතින තත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතින බවයි. එසේම දැනට ක්‍රියාත්මක පැය 3යි මිනිත්තු විස්සේ විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයිද සභාපතිවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?