2015 දී රජයේ සේවකයින්ට රුපියල් 10,000 කින් පඩිය වැඩි කිරීම ඓතිහාසික වරදක් බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
එමෙන්ම ඔහු පවසන්නේ මේ මොහොතේදී විදේශ සංචිත අහිමි වීමට කරුණු කිහිපයක් බලපෑ බවයි. ද්‍රවශීලි සංචිතය මිලියන 50ක්වත් නොමැති බවයි හෙතෙම වැඩි දුරටත් සදහන් කලේ.
මේ වන විට හිඟයට පමණක් සීමා වී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළ දී සහමුලින්ම රටට නැති ව යනු ඇති බවට ඔහු අනතුරු ඇගවීමක්ද කර සිටි.සංචාරක ව්‍යාපාරය කඩන් වැටීම , තෙල් මිල ඉහළ යාම . IMF යාමට ප්‍රමාද වීම , බදු අඩු කිරීම, ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම, ණය අවශ්‍ය අවස්ථාවේදී රුපියල අවප්‍රමාණය නොකිරීම විදේශ සංචිත අහිමි වීමට බලපෑ බවයි ඔහු සඳහන් කළේ.
ඔහු මේ බව කියා සිටියේ අද පැවැති පාර්ලිමේන්තු සභා වාරය තුළ දී විශේෂ ප්‍රකාශයක් කරමින්.




