ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම සීමා කෙරෙයි

ලිට්‍රෝ සමාගම දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු තිබෙනවා.

එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඒ අනුව දෛනිකව 80,000ක් දක්වා වෙළෙඳපොළට නිකුත් කළ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කෙරෙන බව ය.

මාස දෙකක් පමණ කාලයක් මෙම සීමා කිරීම ක්‍රියාත්මක කෙරෙනු ඇති බව සහ රට තුල ඇති තත්වය සැලකිල්ලට සලකා මෙසේ කල බව ඔහු පැවසීය.මේ වන විට ත් එය ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.මාසෙකට ඩොලර මිලියන 30ක් ගෑස් වලට වැය වනබවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

මේ අනුව නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගෑස් සැපයීම සිදු වනු ඇති බව ය.

“අසූ දහස, තිස් දාහකට විතර අඩු කරන්න සිද්ධ වෙනවා තියෙන තත්ත්වේ හැටියට. 28%ක් ඉන්නවා නගරවල. ඒ අයට අපිට දෙන්න වෙනවා. දැනට දර නැතුව ගෑස් භාවිත කරන අයට අපිට දෙන්න සිද්ධ වෙනවා. නැත්නම් මේක කරන්න විධියක් නැහැ. මේ සල්ලිවල තියෙන ප්‍රශ්නය එක්ක.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?