වර්ජනයට නෑ, ප්‍රයිවට් බස් අද වැඩ ගැමුණු කියයි

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සියල්ල අද (28 දා) වැඩ වර්ජනයේ යෙදුනත් පෞද්ගලික අංශයේ බස් වැඩ වර්ජනයේ නොයෙදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (27 දා) පැවසීය.

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කළද ඔවුන්ට වැටුප් ලැබෙන බවත් මේ මොහොතේ බස් රථ වර්ජනය කළහොත් බස් හිමියන්, සේවකයන් ඇතුළු සියලු දෙනා අනාථ වන බවත් හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ගැමුණු විජේරත්න මහතා මෙසේද කියා සිටියේය.

අද වැඩ වර්ජනය කරන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සමඟ අපේ ප්‍රශ්නයක් නැහැ. කොවිඩ්වලින් අවුරුදු 2 ක් පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටුණා. දැන් ප්‍රශ්න තිබුණත් ටිකක් ඔලුව උස්සගෙන එන වෙලාවේ වැඩ වර්ජන කළොත් අපි ඔක්කොම ඉවරෙටම ඉවරයි. වැඩ වර්ජන, උද්ඝෝෂණ කරන අයට, ඒ දේවල් කරගන්න ඉඩදීලා ප්‍රයිවට් බස් අද මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ධාවනවා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?