නව ක්‍රීඩා ඇමති කැඳවූ රැස්වීමට මහේල සහ සංගක්කාර සහභාගී නොවෙයි

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරී මණ්ඩලය කැඳවමින් නව ක්‍රීඩා ඇමැති තේනුක විදානගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැති සාකච්ඡාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන සහ එම සභාවේ හිටපු සාමාජික කුමාර් සංගක්කාර සහභාගි වී නොමැත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ පෙරවරු 10.30ට පමණ පවත්වන ලද එම සාකච්ඡාව සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වන ලෙස ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ආරාධනා කර තිබුනා.

ඔවුන් දෙදෙනා මේ වන විට අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ පුහුණු කාර්යය මණ්ඩලයට අනියුක්තව කටයුතු කරමින් සිටින නිසා සූම් තාක්ෂණය ඔස්සේ ඔවුන්ව අදාළ සාකච්ඡාව සඳහා සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා තිබුණද ඔවුන් දෙදෙනා එම සාකච්ඡාව සඳහා සම්බන්ධ වී නොමැති අතර ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව ඉදිරියට පවත්වා ගෙන ගොස් ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනකු ඒ සඳහා සම්බන්ධ වී ඇති අතර හිටපු නිලධාරීන් නැවත ජාතික ක්‍රීඩා සභාවට සම්බන්ධ වන්නේද නැද්ද යන්න ඇමැතිවරයා එහිදී අදාළ නිලධාරීන්ගෙන් විමසීමට ලක් කර ඇත.

නිලධාරීන් සියලු දෙනා මේ සාකච්ඡාව සඳහා සහභාගි වී නොමැති හෙයින් සියලු දෙනාගෙන් ඒ සඳහා පුද්ගලිකව අදහස් විමසීම වඩාත් උචිත බව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් ඇමැතිවරයාට පිළිතුරු සපයා ඇත.

ඒ අනුව ඇති කර ගත් එකඟතාවය මත සාකච්ඡාව අවසන් වී තිබෙන අතර ඉදිරියේ දී ඊට අදාළ කටයුතු ඇමැතිවරයා විසින් සිදු කෙරෙණු ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තට්ටේ ගාලා සිවුරු පොරවලා මත්ද්‍රව්‍ය එව්වේ ආණ්ඩුවේ කට්ටිය..?
03:50
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ භික්ෂූන් 22ක් කොටු කළ මෙහෙයුමේ ඔබ නොදුටු දර්ශන මෙන්න
01:39
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව පාර්ලිමේන්තුවට කැඳවනවා
13:35
Video thumbnail
ජනාධිපතිතුමා වංචනිකයින්ට ගසාකන්න ඉඩ දීලා
12:12
Video thumbnail
L බෝඩ් කණ්ඩායමට රට දෙන්න එපා කියලා රනිල් එදාම කිව්වනේ
10:38
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39