හිරු නොබසින අධිරාජ්‍යයේ ක්‍රිකට් පුහුණු තනතුර මහේල එපා කියයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට කළ යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේ ක්‍රිස් සිල්වර්වුඩ් අතර ඔස්ට්‍රේලියාව හමුවේ අළුබඳුන තරගාවලියේ දී ලද දරුණු පරාජයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කෙරුණා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ද එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ය.

එංගලන්ත ටෙස්ට් හා සීමිත පන්දුවාර කණ්ඩායම් වෙනුවෙන් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත්කිරීම සඳහා මේ වනවිට එරට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිදුකෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර ඇති බව එංගලන්ත මාධ්‍ය ඊයේ (22) වාර්තා කර තිබුනේ.

ඔහුට අමතරව හිටපු ඔස්ට්‍රේලියානු නායකයෙකු වන රිකී පොන්ටින් ද අදාළ ධූරය භාර නොගැනීමට තීරණය කර ඇති බවද එම වාර්තාවල දැක්වේ.

කොදෙව් හිටපු ක්‍රීඩකයෙකු වන ඔටිස් ගිබ්සන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීම සඳහා ද මේ වනවිට අවධානය යොමුව ඇති බව ද මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?