හිරු නොබසින අධිරාජ්‍යයේ ක්‍රිකට් පුහුණු තනතුර මහේල එපා කියයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට කළ යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේ ක්‍රිස් සිල්වර්වුඩ් අතර ඔස්ට්‍රේලියාව හමුවේ අළුබඳුන තරගාවලියේ දී ලද දරුණු පරාජයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කෙරුණා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ද එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ය.

එංගලන්ත ටෙස්ට් හා සීමිත පන්දුවාර කණ්ඩායම් වෙනුවෙන් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත්කිරීම සඳහා මේ වනවිට එරට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිදුකෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර ඇති බව එංගලන්ත මාධ්‍ය ඊයේ (22) වාර්තා කර තිබුනේ.

ඔහුට අමතරව හිටපු ඔස්ට්‍රේලියානු නායකයෙකු වන රිකී පොන්ටින් ද අදාළ ධූරය භාර නොගැනීමට තීරණය කර ඇති බවද එම වාර්තාවල දැක්වේ.

කොදෙව් හිටපු ක්‍රීඩකයෙකු වන ඔටිස් ගිබ්සන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීම සඳහා ද මේ වනවිට අවධානය යොමුව ඇති බව ද මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තට්ටේ ගාලා සිවුරු පොරවලා මත්ද්‍රව්‍ය එව්වේ ආණ්ඩුවේ කට්ටිය..?
03:50
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ භික්ෂූන් 22ක් කොටු කළ මෙහෙයුමේ ඔබ නොදුටු දර්ශන මෙන්න
01:39
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව පාර්ලිමේන්තුවට කැඳවනවා
13:35
Video thumbnail
ජනාධිපතිතුමා වංචනිකයින්ට ගසාකන්න ඉඩ දීලා
12:12
Video thumbnail
L බෝඩ් කණ්ඩායමට රට දෙන්න එපා කියලා රනිල් එදාම කිව්වනේ
10:38
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39