ගුජරාට් පිල පරදා සන්රයිසස් පිලට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ව ඊයේ පැවති තරගයක දී මෙතෙක් අපරාජිත ව සිටි ගුජරාට් ටයිටන්ස් පිල කඩුලු 8කින් පරාජය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් වුණා.ගුජරාට් පිල සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 7ක් දැවී ලකුණු 162ක් රැස් කළ අතර, හාර්දික් පාණ්ඩ්‍යා එහි දී නො දැවී ලකුණු 50ක් ලබා ගත්තා.

පිළිතුරු වශයෙන් හයිද්‍රාබාද් පිළ පන්දු වාර 19යි එක් පන්දුවකදී කඩුලු 2ක් දැවී ලකුණු 168ක් ලබමින් තරගයේ ජය හිමි කර ගත්තා.

එහි දී කේන් විලියම්සන් ලකුණු 57ක් ද අභිෂේක් ශර්මා ලකුණු 42ක් ද රැස් කළ අතර නිකලස් පූරාන් නො දැවී ලකුණු 34ක් රැස් කළේ පන්දු 18කින්.