AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියන් ප්‍රිමියර් ලීග් පිටියේ වනිදුගේ මැජික් එක නැවතත්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, අද(30) රාත්‍රී 7.30ට මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙවර තරගාවලියේ 6 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණේ ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නායක ෂ්රෙයස් අයියර්, සුනිල් නාරායන්, ෂෙල්ඩන් ජැක්සන් හා ටිම් සවුති යන පිතිකරුවන්.(දර්ශන පහතින්)

මෙම දක්ෂතාවය වනිදු හසරංග අයි.පී.එල් පිටියේ දී ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

මේ වන විට මෙවර තරගාවලියේ දී වනිදු බිද හෙලා ඇති කඩුලු ගණන 5ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?