වසර 12ක ප්‍රේමය ජීවිත 3ක් අහිමි කරමින් නිමා වෙයි

කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක අද (24) පෙරවරුවේ හටගත් ගින්නකින් නිවසේ සිටි පියා, දියණිය සහ තරුණයෙකු පිළිස්සී මියගොස් තිබුණි. අනතුරින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මව රෝහල්ගත කෙරුණි. මෙම නිවසේ ගින්න හටගෙන තිබුණේ අද පෙරවරු 06 ට පමණය. එම අවස්ථාවේ මව, පියා සහ දියණිය නිවසේ රැඳී සිට ඇති අතර නිවසට පැමිණ සිටි තරුණයෙකු ද ගින්නට හසුව තිබුණි. ගින්නෙන් පියා, දියණිය සහ අදාළ තරුණයා එම ස්ථානයේදීම මියගිය අතර මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. 

මහනුවර ගිනිනිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගත්තත් ඒ වනවිටත් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන්ය. මියගියේ 71 හැවිරිදි මුත්තතම්බි ඊස්වර දේවන්, 30 හැවිරිදි ඊස්වර දේවන් චන්ද්‍රවානි සහ බාබු නමැති තරුණයෙකි. පොලීසිය පවසන්නේ, මියගිය ඊස්වර දේවන් චන්ද්‍රවානි සහ නිවසට පැමිණි බාබු නමැති තරුණයා අතර වසර 12ක පමණ ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවය. එම සබඳතාව නැවැත්වීමට තරුණිය තීරණය කිරීමත් සමග වරින්වර ඔවුන් අතර ඇතිවූ ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ද ඉදිරිපත් වී තිබුණි.

තුවාල ලබා රෝහල්ගතව සිටින මව පොලීසියට පවසා ඇත්තේ, සිය දියණිය වෙනත් විවාහයකට සූදානම්ව සිටි අතර ඒ බව දැනගත් තරුණයා ඊයේ පස්වරුවේ නිවසට පැමිණ තර්ජනය කළ බවය. අනතුරුව කෑන් එකක් ද රැගෙන අද අලුයම නිවසට පැමිණි ඔහු, සිය දියණිය සහ සැමියා නිදා සිටි කාමරයට ගොස් ගිනි තබාගත් බව මව පොලීසියට පවසා තිබේ.

පොලීසිය පවසන්නේ, තරුණයා රැගෙනවිත් ඇත්තේ පෙට්‍රල් කෑන් එකක් බවට සැකකෙරෙන බවය. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?