වසර 12ක ප්‍රේමය ජීවිත 3ක් අහිමි කරමින් නිමා වෙයි

කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක අද (24) පෙරවරුවේ හටගත් ගින්නකින් නිවසේ සිටි පියා, දියණිය සහ තරුණයෙකු පිළිස්සී මියගොස් තිබුණි. අනතුරින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මව රෝහල්ගත කෙරුණි. මෙම නිවසේ ගින්න හටගෙන තිබුණේ අද පෙරවරු 06 ට පමණය. එම අවස්ථාවේ මව, පියා සහ දියණිය නිවසේ රැඳී සිට ඇති අතර නිවසට පැමිණ සිටි තරුණයෙකු ද ගින්නට හසුව තිබුණි. ගින්නෙන් පියා, දියණිය සහ අදාළ තරුණයා එම ස්ථානයේදීම මියගිය අතර මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. 

මහනුවර ගිනිනිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගත්තත් ඒ වනවිටත් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන්ය. මියගියේ 71 හැවිරිදි මුත්තතම්බි ඊස්වර දේවන්, 30 හැවිරිදි ඊස්වර දේවන් චන්ද්‍රවානි සහ බාබු නමැති තරුණයෙකි. පොලීසිය පවසන්නේ, මියගිය ඊස්වර දේවන් චන්ද්‍රවානි සහ නිවසට පැමිණි බාබු නමැති තරුණයා අතර වසර 12ක පමණ ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවය. එම සබඳතාව නැවැත්වීමට තරුණිය තීරණය කිරීමත් සමග වරින්වර ඔවුන් අතර ඇතිවූ ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ද ඉදිරිපත් වී තිබුණි.

තුවාල ලබා රෝහල්ගතව සිටින මව පොලීසියට පවසා ඇත්තේ, සිය දියණිය වෙනත් විවාහයකට සූදානම්ව සිටි අතර ඒ බව දැනගත් තරුණයා ඊයේ පස්වරුවේ නිවසට පැමිණ තර්ජනය කළ බවය. අනතුරුව කෑන් එකක් ද රැගෙන අද අලුයම නිවසට පැමිණි ඔහු, සිය දියණිය සහ සැමියා නිදා සිටි කාමරයට ගොස් ගිනි තබාගත් බව මව පොලීසියට පවසා තිබේ.

පොලීසිය පවසන්නේ, තරුණයා රැගෙනවිත් ඇත්තේ පෙට්‍රල් කෑන් එකක් බවට සැකකෙරෙන බවය. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18