සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට ජාත්‍යන්තර තරග තහනමක්

ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරු ජේසන් රෝයිට ජාත්‍යන්තර තරග දෙකක අත්හිට වූ තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තරග තහනමට අමතරව පවුම් 2,500ක දඩ මුදලක් ද ඔහුට පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මුදල ජේසන් රෝයි මාර්තු 31වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු වනවා.

ක්‍රිකට් ක්‍රීඩාව, එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ තමා අපකීර්තියට පත් කළ හැකි ආකාරයෙන් ඔහු හැසිරී ඇති බවයි එම තහනම පිළිබඳ ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඊට අමතරව එංගලන්ත ක්‍රිකට් ආයතය ජේසන් රෝයිගේ වරද කුමක්ද යන්න නිශ්චිතව පැහැදිලි කර නැහැ.

2019 වසරේ එංගලන්තය, ලෝක ශූරයන් බවට පත්වන විට 31 හැවිරිදි ජේසන් රෝයි එම කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් ලෙස කටයුතු කළා.

නමුත් රෝයි මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියෙන්ද ඉවත් වුණේ ජෛව බුබුලක ජීවත් වීම ඒකාකාරී බව පවසමින්.

මේවන විට ඔහුට සිය පවුල වෙනුවෙන් වැඩි කාලයක් ලබාදිය යුතු බවයි රෝයි පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45