සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට ජාත්‍යන්තර තරග තහනමක්

ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරු ජේසන් රෝයිට ජාත්‍යන්තර තරග දෙකක අත්හිට වූ තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තරග තහනමට අමතරව පවුම් 2,500ක දඩ මුදලක් ද ඔහුට පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මුදල ජේසන් රෝයි මාර්තු 31වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු වනවා.

ක්‍රිකට් ක්‍රීඩාව, එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ තමා අපකීර්තියට පත් කළ හැකි ආකාරයෙන් ඔහු හැසිරී ඇති බවයි එම තහනම පිළිබඳ ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඊට අමතරව එංගලන්ත ක්‍රිකට් ආයතය ජේසන් රෝයිගේ වරද කුමක්ද යන්න නිශ්චිතව පැහැදිලි කර නැහැ.

2019 වසරේ එංගලන්තය, ලෝක ශූරයන් බවට පත්වන විට 31 හැවිරිදි ජේසන් රෝයි එම කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් ලෙස කටයුතු කළා.

නමුත් රෝයි මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියෙන්ද ඉවත් වුණේ ජෛව බුබුලක ජීවත් වීම ඒකාකාරී බව පවසමින්.

මේවන විට ඔහුට සිය පවුල වෙනුවෙන් වැඩි කාලයක් ලබාදිය යුතු බවයි රෝයි පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?