ගෙදර නිතර දබර ඇති වෙන්නේ ඇයි ?

මේ මිනිහත් එක්කනම් මට පවුල් කන්න බැහැ. මහ යක්‍ෂයෙක්. මේ ගෑනි මළ පෙරේතියෙක්…. මෙවැනි වදන් නොකියවුණු අඹු සැමියන් ඇත්නම් ඔවුන් ඉතා වාසනාවන්තය. නමුත් වර්තමානයේ එවැනි වාසනාවන්තයන් සිටින්නේ ඉතා සුළු පිරිසක්. බහුතරය ඉහත වදන් නිතර පවසන අඹු සැමියන්ය.

මෙලෙස අඹු සැමියන් අතර දැඩි වාග් ප‍්‍රහාරයක් සිදුවන්නට බලපාන හේතු මොනවාද?

මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඔවුන් උපන් නැකතට අනුව හිමිව ඇති යෝගයයි. උපන් නැකතට අනුව, යක්‍ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩ, චරණ සහ චෞර යන යෝග හිමි වේ. මෙවැනි යෝගයන්ට අනුව බලපාන ගති සිරිත් ඇත. එනිසා මෙවැනි යෝගවල උපන් අය විවාහ වූ විට ඔවුන් තුළ ඊට අදාළ ගති ලක්‍ෂණ මතු වේ.

යක්‍ෂ යෝගය

යක්‍ෂ යෝගයෙන් උපන් කාන්තාවක් සහ පිරිමියෙක් විවාහ වුවහොත් දෙදෙනා අතර නිතර සැර පරුෂ වදන්, වාග් ප‍්‍රහාර හටගනී. ගෙදර නිතර සටන් ඇති වේ. ගෙදර යක්‍ෂ විමානයක් වගේ යැයි පවසන්නේ එවැනි අයටය.

පේ‍්‍රත යෝගය

පේ‍්‍රත යෝගයෙන් උපන් අය අතර පිරිසිදු කමක් නැත. ඔවුන් අඳින පළඳින ඇඳුම්ද නිසි පිළිවෙළකට නැත. එම ඇඳුම්ද අපිරිසිදුය. උදෑසන අවදි වූ විට දහවල් වනතුරු රාත‍්‍රී ඇඳුම පිටින් මුහුණ කට සෝදන්නේ නැතිව දවස ගත කරන්නට පුරුදු වී සිටින අඹු සැමියන් ගැන අසන්නට ලැබෙන්නේ මෙම පේ‍්‍රත ගති ලක්‍ෂණ නිසාය.

කුම්භාණ්ඩ යෝගය

කුම්භාණ්ඩ යෝගයෙන් උපන් අය නිතරම උත්සහා ගන්නේ තමා සතු ධනය, පරිහරණය කරන්නට නොව ඒවා පොදිගසා සඟවා තබා ගන්නටය. මුදල් තිබුණත් විය පැහැදම් නොකර පොදි බැඳගෙන සිටිති.ලෝභ කිරීම නිසාම ඇතැම් විට නිවසේ සතුට බොහෝ තැන් වල මඟ හැරෙන අවස්ථාද මෙවන් අයට තිබේ.

චරණ යෝගය

චරණ යෝගයේ උපන් අය නිතර අසල්වැසි නිවෙස්හි ඇවිදිමින් අන් අයගේ ඕපාදුප හොයමින් දවස ගෙවන්නට රුචිකත්වයක් දක්වති.ඔවුන් වේලාව අවේලාව නැතිව ගෙන් ගෙට යමින් හිස් වචන කේලාම් කියමින් දවස ගත කරයි.ඔවුන් නිසා ඔවුන්ගේ පවුල් මෙන්ම අන් පවුල්ද බිදී යන අවස්ථා නැතිවා ම නොවෙයි

චෞර යෝගය

චෞර යෝගයේ උපන් අය අන් අයගේ දේපොළ සොරකම් කිරීමට දැඩි රුචිකත්වයක් දක්වති. සොරකම් කිරීම ජන්ම ගතියක් බවට පත්ව ඇතැයි පවසන්නේ මෙවැනි අයටය.සොරකම පවුල තුල මෙන්ම පවුලෙන් පිටත් සිදු කරයි

එකම යෝගයෙන් උපන් දෙදෙනෙක් විවාහ වුවහොත් ඔවුන් අතර පවතින එකම ගති ලක්‍ෂණ නිසා යුග දිවිය අසාර්ථක වේ. නිතර මත ගැටුම් ඇති වේ. විවාහ දිවිය තුළ සතුටට වඩා වද වේදනා බහුල වේ.

 උදාහරණයක් ලෙස චෞර යෝගයෙන් උපන් අඹු සැමි යුවළක් ගනිමු. ඔවුන් දෙදෙනා තුළ නිතරම දැකිය හැක්කේ සොරකමය. ඔවුන් අන් අයගේ මුදල් හදල් දේපළ සොරකම් කිරීමට පමණක් නොව එකිනෙකාගේ මුදල් හදල් දේපළ පවා සොරකම් කිරීමට යොමු වේ. බිරිඳ සැමියාගේ මුදල් සොරකම් කළා. සැමියා බිරිඳගේ මුදල්, රන් ආභරණ සොරකම් කළා ලෙසින් පවසන්නේ මෙම යෝගවල උපන් අයගේ ගතිගුණ අනුවය.

 බිරිඳ හරිම අපිරිසිදුයි. එයාට කොච්චර කිව්වත් අහන්නේ නැහැ කියා ඇතැම් ස්වාමිපුරුෂයන් පවසන්නේ තම බිරිඳගේ පේ‍්‍රත යෝගය ගැන නොදැනය.

 අපේ මහත්තයාට ඉවසීම නැහැ. නිතර මාත් එක්ක රණ්ඩුවෙන්නමයි උත්සාහ ගන්නේ. පොඩි දේටත් කෑගහනවා යැයි පවසන්නේ යක්‍ෂ යෝගයෙන් උපන් පුද්ගලයන් ගැනය.

 මෙම තත්ත්වයන් යම් තරමකට පාලනය කළ හැක්කේ මනුස්ස, දේව, බ‍්‍රහ්ම යෝගවලින් උපන් අයෙක් සම`ග විවාහ වුවහොත්ය. අවාසනාවකට මෙම යෝගවලින් උපන් අය සිටින්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි. මෙවැනි යෝගවලින් උපන් අය බොහෝ විට විවාහ නොවේ. ආගම දහමට නැඹුරුව හුදෙකලා දිවියක් ගත කිරීමට උත්සාහ කරති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51