හිටිහැටියේ නම වෙනස් වු සුප්‍රසිද්ධ ක්‍රීඩාංගණයක 

සුප්‍රසිද්ධ පාකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් සූදානම් වනවා.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමීස් රාජා ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුව නව අනුග්‍රාහකයෙකු ඉදිරිපත් වූ පසු ක්‍රීඩාංගණයේ නම වෙනස් කෙරෙනු ඇති බවයි. 1959 ඉදිකළ මෙම ක්‍රීඩාංගණය පළමුව ලාහෝර් ක්‍රීඩාංගණය ලෙස හැදින්වූවා. කෙසේ වෙතත්, ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි පාකිස්තානයට ගොස් පාකිස්තානයේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැත්වූ දේශනයකින් පසු 1974දී එරට හිටපු අගමැති අලි භූතෝ මෙම ක්‍රීඩාංගණය ගඩාෆි ක්‍රීඩාංගණය ලෙස නම් කළා. 1996 වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළේ ද ගඩාෆි ක්‍රීඩාංගණයේදියි.