උපකාරක පන්ති ගිය නිවුන් සහෝදරියන්ට සිදුවූ විපත්තිය

දෙනියාය ප‍්‍රදේශයේදී උපකාරක පන්තියකට යමින් සිටි බව කියන 15 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා මත දෙනියාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වහාම ක‍්‍රියාත්මක වූ පොලිසිය සැකපිට කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවෝ දියදාව සහ මිරිස්ස පදිංචිකරුවෝ ය. දැරියන් ගෙන ගිය බවට කියන ත‍්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගෙන ඇත.

මව පොලිසියට පවසන පරිදි මිත්තනිය ළඟ දරුවන් සිට අධ්‍යාපන කටයුතු කර ඇත. සිද්ධිය වූ දින උපකාරක පන්තියට යදීදී ත‍්‍රිරෝද රථයකින් පැමිණි කිහිපදෙනෙකු දැරියන් වැලිගමට ගෙන ගොස් ඇති බවට ආරංචි වූ බව ද මව පවසා ඇත. දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?