AFC Banner
Empty Ad
Empty Ad

ජඩේජා ගෙන් සුපිරි ඉනිමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ලකුණු 574ක් ලබා සිටියදී අත් හිටුවීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළා.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 574ක් ලබා ගත්තේ කඩුළු 08ක් අහිමි කරගනිමින්ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මොහාලියේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය වන අද දින දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට මුල් ඉනිමේ පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුලු හතක් දැවී ලකුණු 468 ක් රැස් කරගෙන සිටියා.

අද දිනයේදී රවීන්ද්‍ර ජඩේජා සිය දෙවන ටෙස්ට් ශතකය රැස් කරගත් අතර, සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු දෙක බැගින් ලබාගත්තා.

මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම අරඹා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටිනවා.

ආරම්භක පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට එක්වූයේ නායක දිමුත් කරුණාරත්න සමගින් ළහිරු තිරිමාන්නයි.

නායක දිමුත් ලකුණු 06ක් සහ තිරිමාන්න ලකුණු 07ක් මේ වනවිට ලබාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?