හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව බලශක්ති අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අධ්‍යපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට තීරණය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකයි.
දිනේෂ් ගුණවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කෙරෙණු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර උදය ගම්ම්න්පිල සහ විමල් විරවංශ ගේ අමාත්‍යධුරයන් ඉවත් කිරිමට අද පැවති සාකච්ජාවකදී එකඟතාවයට එළෙඹී තිබෙන බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමතිවරයා ඇතුළු රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් රැසකගේ සහභාගිත්වයෙන් අද (03 ) දහවල් පැවති සාකච්ජාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.













