ඉන්දීය ජාතික කාන්තාවක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 09කට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සැක සහිත කාන්තාවක් පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ සිට ඩුබායි නගරය හරහා දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.

ඇයගේ ගමන් බෑගයේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 532ක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේය.

මෙය මෑත කාලයේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ අත්අඩංගුවට ගැනීමක් බව රේගු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාව සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය වෙත භාර දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01