චන්න ජයනාත් ජීවන ගීය නිමකරයි

ජනප්‍රිය ගී පද රචකයකු මෙන්ම ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයකු වූ චන්න ජයනාත් මහතා අභාවප්‍රාප්ත විය.

‘ඉගිලෙන්න තහනම් නම් දුරක්’ , ‘කවි සී පද ඇහෙන රෑට’, ‘සුමුදු වලාවක අඳුර වෙලා’, ‘මෙවලම් මොකටද මෙතරම්’, ‘සමාවෙන්න රත්තරනේ’, ‘සඳ යාත්‍රා කලා වගෙ මතකයි’, ‘සංසාර සිහිනයේ’ , ‘මගේ දුප්පත් ඇස් දෙක’, ‘සඳ රැජිනියේ’, ‘සේපාලිකා මලයි’, ‘සුදු අරලියා මල’ ඇතුළු ජනප්‍රිය ගීත රාශියක් ඔහු විසින් රචනා කර ඇත.

 කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

චන්න ජයනාත් මහතා දෙදරු පියෙකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !