සුරාබදු දෙපාර්තමේන්තුවේ අලුත්ම තීරණය

බීර හා වයින් විකිණීමට අවසර නොතිබූ තැන් කිහිපයකට ඒ සඳහා නීත්‍යානුකූල අවසරය ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සංචාරකයන් සඳහා ආහාර පාන සහ නවාතැන් සැපයීම පිණිස ව්‍යාපාර ලියාපදිංචිය ලබාගෙන ඇති ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස සඳහා බීර හා වයින් විකිණීමට බලපත්‍ර ලබාදීමට බලාපොරොත්තු වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නව ක්‍රමවේදය මගින් දැනටමත් බලපත්‍ර රහිතව සංචාරකයන් සඳහා මත්පැන් විකිණීම සිදුකරන ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස නීතිමය රාමුවට ඇතුළත් කරගැනීම මගින් එම ස්ථාන හිමියන් මෙන්ම සංචාරකයන් ද මුහුණ දෙන අනපේක්ෂිත පීඩාවන් අවම වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමගින් එම ස්ථාන නීත්‍යානුකූල මත්පැන් සැපයුම් දාමයට ඇතුළත් කරගැනීම මගින් නීත්‍යානුකුල හා ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් ඒවායේ අලෙවි කරනු ලබන බවට සනාථ කරගැනීමටත් හැකියාව පවතින බව සඳහන් වේ.

තවද බලපත්‍ර රහිත ආයතන හේතුවෙන් බලපත්‍ර සහිතව සංචාරකයන්හට මත්පැන් විකිණීම සිදුකරන ආයතන අධෛර්යයට පත්වීමත්, අසාධාරණ මිල ගණන් යටතේ සංචාරකයන්හට මත්පැන් විකිණීම සිදුකිරීම අවම කරගැනීමටත් මේ මගින් හැකියාව පවතී.

සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සහයෝගීතාවයත්, මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අනුමැතියත් ඇතිව මෙම බීර හා වයින් විකිණීම සඳහා නව සුරාබදු බලපත්‍ර ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16